මෙරටේ විරැකියාව මේ වන විට ලක්ෂ 5ක් | Page 2 | සිළුමිණ

මෙරටේ විරැකියාව මේ වන විට ලක්ෂ 5ක්

ශ්‍රී ලංකාවේ මේ වන විට විරැකියාව ලක්ෂ 5ක් පමණ වන බවත් අ‍ෙමරිකන් ඩොලර් බිලියන 50ක පමණ ණයක් ගෙවීමට තිබියදී ආර්ථික වර්ධනයක් ඇතිව තිබෙනවා යැයි කීම නිවැරැදි ආර්ථික විග්‍රහයක් නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සිළුමිණට කීය.

අන්තර්ජාතික අරමුදලෙන් ලැබෙන සම්පූර්ණ ණය මුදල අ‍ෙමරිකන් ඩොලර් බිලියන 3ක් පමණක් බවත් ඒ තුළින් අපගේ ණය සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගත නොහැකි බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ රජය කළ යුත්තේ ණය හිමි රටවල් සමඟ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහකරණ ගිවිසුම්වලට එළැඹීම බවත් පැවසුවේය.

එසේ කඩිනම් ගිවිසුම්වලට එළැඹීම තුළින් අන්තර්ජාතික අරමුදලේ ඉතිරි ණය මුදල්ද ලබා ගැනීමට හැකිවන බවත් ඒ හරහා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළක් කරා යා හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. වර්තමානය වන විට මෙරට ඇත්තේ සංකෝචනය කළ ආර්ථිකයක් බව පැවසූ මන්ත්‍රීවරයා ඒ ඔස්සේ ආර්ථික වර්ධනයක් පෙන්නුම් නොකරන බවද කීවේය.

Comments