මාස 3ට විදේශ සංචාරකයන් 335,679ක් ශ්‍රී ලංකාවට ඇවිත් | Page 2 | සිළුමිණ

මාස 3ට විදේශ සංචාරකයන් 335,679ක් ශ්‍රී ලංකාවට ඇවිත්

මේ වසරේ පළමු මාස 3 තුළදී සංචාරකයන් 335,679ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ වසරේ ගත වූ සියලු මාසවල සංචාරකයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති අතර ජනවාරි මාසයේදී සංචාරකයන් 102,545ක්ද පෙබරවාරි මාසයේදී සංචාරකයන් 107,639ක්ද පැමිණ ඇති අතර මාර්තු මාසයේදී පසුගිය වසර තුනේදී පැමිණි ඉහළම සංචාරකයන් පිරිස වන 125,495ක් පැමිණ තිබේ.

පසුගිය වසරේ සංචාරකයන් ලක්ෂයකට වඩා පැමිණියේ මාර්තු මාසයේ පමණක් වන අතර එම සංඛ්‍යාව 106500කි. පසුගිය වසරේ පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 719,978ක් වන අතර මේ වසරේ පළමු මාස 3 තුළදී පමණක් සංචාරකයන් 335,679ක් පැමිණ තිබීම මෙරට සංචාරක කර්මාන්තය කඩිනමින් යළි නැඟී සිටීමක් බව එතෙර සංචාරක ප්‍රවර්ධන ආයතන විසින් පෙන්වා දී තිබේ.

Comments