බෙලරුසියාවේ ලාංකීය වෛද්‍ය සිසුන්ගෙන් සංස්කෘතික මංගල්‍යයක් | Page 2 | සිළුමිණ

බෙලරුසියාවේ ලාංකීය වෛද්‍ය සිසුන්ගෙන් සංස්කෘතික මංගල්‍යයක්

ශ්‍රී ලංකා අනන්‍යතාව විදහා දක්වමින් නර්තනය, ගායනය, නිර්මාණ, ජාතික ආහාර යන අංශ කැටි කරමින් ශ්‍රී ලාංකීය සංස්කෘතික උත්සවයක් උත්කර්ෂවත් අයුරින් බෙලරුසියාවේ ග්‍රොඩ්නෝ රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දී ඉකුත්දා පැවැත්විණි. එම සරසවියේ උපකුලපති ඇතුළු බලධාරීන්ගේ සහභාගීත්වය ද ඇතිව පැවති මෙම උත්සවය වෙනුවෙන් එම සරසවියේ ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ව නිවාඩු දිනයක් ද බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ‍

බෙලරුසියාවේ 1,875කට වැඩි පිරිසක් ශ්‍රී ලාංකික පුරවැසියන් ජීවත් වන අතර ඉන් බහුතරයක් ශ්‍රී ලාංකික උපාධි අපේක්ෂිත සිසුන්ය. මෙම උත්සවය ලාංකීය සංචාරක කර්මාන්තයේ නැවුම් ප්‍රවේශයක් ලෙස ද එරට මාධ්‍ය කීපයක්ම හඳුන්වා තිබිණි.

Comments