පාස්කුව නව ජීවිත ආරම්භයකට එතෙර වීමක් බව රදගුරු සමුළුව කියයි | Page 4 | සිළුමිණ

පාස්කුව නව ජීවිත ආරම්භයකට එතෙර වීමක් බව රදගුරු සමුළුව කියයි

පාපය සහ මරණය පරාජය කොට ජීවිත අඳු­‍රෙන් ජනතාව මුදා ගත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සමරන, කිතුනු විශ්වාසයේ කේන්ද්‍රීය අභිරහස වන පාස්කු මංගල්‍යය නැවුම් ජීවිත ආරම්භයක් සඳහා ඇරයුම් කරන වැදගත් අවස්ථාවක් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසයි.

අප්‍රේල් 9 වැනිදාට යෙදුණු ලොව පුරා කිතුනුවන් මහත් බැතියෙන් සමරන පාස්කු මංගල්‍යය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රදගුරු සමුළුව ඒ බව ප්‍රකාශකර තිබේ.

වර්තමානයේ රට පවතින්නේ බරපතළ ආර්ථික අර්බුදයක බැවින් රටේ සියලු ජනතාවට සහජීවනයෙන් සහ සතුටින් ජීවත් වීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය පතා දෙවියන් වහන්සේගේ මැදහත්කම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිය යුතු කාලයක් බව ද එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.

Comments