
මෙරට සියලු පළාත් පාලන ආයතනවල පැය 24ම ක්‍රියාත්මක නව ඒකකයක් බැගින් ලබන මස සිට පිහිටුවීමට රජය කටයුතු යොදා ඇත. පළාත් පාලන ආයතන 337න් මහජනතාවට සිදු වූ සේවාවන් ඒ ලෙසින්ම කඩිනමින් ඉටු කර ගැනීම උදෙසා මේ නව ඒකකය පිහිටුවීමට අගමැතිවරයා යෝජනා කර තිබේ.
විශේෂයෙන්ම සති අන්තයක හෝ නිවාඩු දිනයක ආදාහනාගාර වෙන් කර ගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුතු සිදු කිරීම මේ වන විට බරපතළ ගැටලුවක්ව තිබෙන නිසා ඉදිරි සති කිහිපය ඇතුළත නව ඒකකය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
පළාත් පාලන ආයතන විසුරුවා ඇති නිසා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධනයන් විසින් ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ලේකම්වරු ඇතුළු සියලු නිලධාරීන්ට අගමැතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ නව ඒකකය ස්ථාපිත කිරීම කඩිනමින් සිදු කරන ලෙසයි. ඒ අනුව එහි පළමු සාකච්ඡා වටය පවත්වා ඇති අතර දෙවන සාකච්ඡා වටය නිම වූ විගස මේ නව යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙරෙනු ඇත