ජපානයට ශ්‍රී ලංකා ආයුර්වේද ප්‍රවර්ධන තානාපතිනියක් පත්වේ | Page 2 | සිළුමිණ

ජපානයට ශ්‍රී ලංකා ආයුර්වේද ප්‍රවර්ධන තානාපතිනියක් පත්වේ

ආයුර්වේද සහ යෝගා ආයතනයේ විදුහල්පතිනි මිනාමි කදෝවකි ජපානයේ ශ්‍රී ලංකා ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රවර්ධන තානාපතිනිය ලෙස ඉකුත්දා පත්කරන ලදී.

එයට අදාළ පත්වීම් ලිපිය දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි විසින් එම අමාත්‍යාංශයේ දී මිනාමි කදෝවකි වෙත පිරිනැමුණු අවස්ථාව මෙහි දැක්වේ.

පත්වීමෙන් පසු කොළඹ ආයුර්වේද විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය පතිරගේ කමල් පෙරේරා හමුවීමට එහි ගිය ජපානයේ ආයුර්වේද ප්‍රවර්ධන තානාපතිනිය ආයුර්වේද සහ දේශීය වෛද්‍ය විද්‍යාව ජපානයේ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක නිරත විය.

Comments