The Beauty Of Sri Lanka -2023 ඡායාරූප ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධන වැඩසටහන ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දී ( UCLA) අප්‍රේල් 22-23 දක්වා තෙවන වරටත් මෙවර ද පැවැත්වේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් අඛණ්ඩව වසරක් පාසා පැවැත්වෙන ප්‍රදර්ශනයට පසුගිය වසර දෙකේ දී බාධා එල්ල වුවත් ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමය විවිධ අධ්‍යාපනික වැඩසටහන් මෙන් ම සමාජ සේවා වැඩසටහන් රැසක් එම කාලය පුරා සිදු කළේ ය. මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ ප්‍රධාන අමුත්තා ලෙස ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කොන්සියලර් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් ආචාර්ය ලලිත් පී. චන්ද්‍රදාස සහභාගි වන අතර විශේෂ ආරාධිතයා වන්නේ මහාචාර්ය බ්‍රෙඩ් ෂෆර්ය.