උතුරු මුහුදේ ජාවාරම් කළ 486ක් අත්අඩංගුවට | Page 3 | සිළුමිණ

උතුරු මුහුදේ ජාවාරම් කළ 486ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 ජනවාරි මස 01 වැනි දින සිට 2023 වර්ෂයේ අප්‍රේල් 06 දක්වා වූ කාලය තුළ උතුරු මුහුදේ සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධී ධීවර කටයුතු සිදු කළ දේශීය හා විදේශීය පුද්ගලයන් 486ක් සහ ධීවර යාත්‍රා 115ක් අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව ධීවර ආම්පන්න රැසක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් 2022 වර්ෂයේ දේශීය සැකකරුවන් 29 සහ ධීවර යාත්‍රා 07 ක්ද 2023 වර්ෂයේ මේ දක්වා දේශීය සැකකරුවන් 11 සහ ධීවර යාත්‍රා 05 ක්ද නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය ක‍ටයුතු සඳහා යොමු කර ඇත.

එමෙන්ම, බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැළීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හා ප්‍රවාහනය, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම, බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ නියැලීම, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වියලි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය, නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ළඟ තබාගැනීම, කැස්බෑවන් ඇල්ලීම, තහනම් පන්නක්‍රම භාවිතය සහ නීති විරෝධී දැල් භාවිත කිරීම යනාදී නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් 2022 වර්ෂයේදී දේශීය පුද්ගලයින් 150 ක් සමඟ ධීවර යාත්‍රා 55 ක් ද, ඉන්දීය ජාතිකයින් 174 සමඟ ධීවර යාත්‍රා 25 ක්ද, 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් දේශිය පුද්ගලයින් 94 ක් සමඟ ධීවර යාත්‍රා 31 ක් ද ඉන්දීය ජාතිකයින් 28 සමඟ ධීවර යාත්‍රා 04 ක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Comments