
වෘත්තීය සමිති නායකයන්, වත්කම් බැරකම් පනත අනුව වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුතුව තිබෙන නමුත් පසුගියදා වැඩ වර්ජනයට සහභාගි වූ කිසිදු වෘත්තීය සමිති නායකයෙක් සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කර නොමැති බව හෙළි වී තිබේ. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකයන් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ 1975 වත්කම් බැරකම් පනත අනුව ඉදිරිපත් කළ යුතු වේ.
කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා එක්ව මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.