හෙරිටන්ස් හෝටල සමූහයට ට්‍රැවල් ලයිෆ් රන් සම්මානය | Page 21 | සිළුමිණ

හෙරිටන්ස් හෝටල සමූහයට ට්‍රැවල් ලයිෆ් රන් සම්මානය

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයට අයත් හෙරිටන්ස් හෝටල සමූහය විසින් ස්ථිරසාර සංචාරක ව්‍යාපාරයක් සඳහා පිරිනැමෙන ගෝලීය සම්මානයක් වන 'ට්‍රැවල් ලයිෆ්' රන් සම්මානයෙන් පිදුම් ලැබීය. හෙරිටන්ස් හෝටල සමූහය විසින් මෙම කීර්තිමත් ජාත්‍යන්තර සම්මානය නැවත වරක් දිනා ගෙන ඇත්තේ අන්තර්ජාතික සංචාරක ක්ෂේත්‍රයේ තිරසාර සංචාරක ප්‍රයත්නයන් වෙනුවෙනි.

හෙරිටන්ස් කණ්ඩලම, හෙරිටන්ස් අහුන්ගල්ල, හෙරිටන්ස් මීගමුව, හෙරිටන්ස් ටී ෆැක්ටරි සහ හෙරිටන්ස් ආයුර්වේද යන හෝටල සමූහයේ මෙහෙයුම්, සේවා සැපයීම්, දැනුම්වත් කිරීම් සහ ආගන්තුකයන් පූර්ණ වශයෙන් තෘප්තිමත් භාවයට පත්කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ තිරසර මෙන්ම අඛණ්ඩ උත්සාහයන් මෙහිදී ඇගයීමට ලක්කර ඇත.

Comments