ගංගාරාමයේ සති පිරිත් 1 දා ඇරැඹේ | Page 2 | සිළුමිණ

ගංගාරාමයේ සති පිරිත් 1 දා ඇරැඹේ

කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වසර 90 ක් අඛණ්ඩව පවත්වාගෙන එන සති පිරිත් දේශනාව මෙවරත් 91 වන වරට අප්‍රේල් මස 01 වැනි දින ආරම්භ කෙරේ. එය 09 වැනි දින දහවල් දේවාල මහා දානයෙන් අවසන් වේ.

උදේ 6.00 ට සවස 3.00 ට සහ රාත්‍රී 8.00 ට මහ පිරිත් දේශනා පැවැත්වේ.

මෙවර සති පිරිත් දේශනයේ විශේෂත්වය වන්නේ කොරෝනා වසංගතය රටින් තුරන් වී රට වැසියනට යහපත් වූ හෙට දවසක් උදාවේවායි ප්‍රාර්ථනා කරමින් එය පැවැත්වීමයි.

මෙහිදී අප්‍රේල් 7 වැනි දින රාත්‍රී සූත්‍ර දේශනාවත් 08 වැනි දින රාත්‍රී දොරකඩ අස්න, අනුශාසනාව සහ ආටානාටිය සූත්‍ර දේශනාවත් පැවැත්වේ.

පිරිත් ආශීර්වාද පතා තෙල්, බෙහෙත්, යන්ත්‍ර, මුහුදු වැලි, ගඟේ වැලි, පැන්, නූල් ආදී ආරක්ෂක දේ අප්‍රේල් 1 දිනට පෙර විහාරස්ථානයට ගෙනැවිත් භාර දෙන ලෙසත් වැඩි විස්තර - 0714454411 හෝ 0712142747 අංකවලින් විමසන ලෙසත් ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පවසති.

Comments