ඉදිරියේ දී විද්‍යා, ගණිත, ඉංග්‍රීසි හා තාක්ෂණ උපාධිධාරී ගුරුවරුන් බඳවාගත යුතු ව පවතින බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
එසේම ඉදිරි මාසයේ දී 7,500කට වැඩි විද්‍යා පීඨ ගුරුවරුන් ප්‍රමාණයක් බඳවා ගන්නා අතර අනිද්දා දිනයේ දී රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් 53,000කට පවත්වන විභාගයෙන් 26,000ක උපාධිධාරී ගුරුවරුන් සති දෙකක් තුළ තෝරාගෙන 33,000ක ගුරුභවතුන් ප්‍රමාණයක් පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව ද ඇමතිවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් හා පෙළපොත් පාසල් සිසුන්ට ලබා දීම නිල වශයෙන් ආරම්භ කරමින් කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද(23) පැවති එහි ආරම්භක වැඩසටහනට එක්වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන පැවැත්වුණි.
අමාත්‍යවරයා එහිදී කියා සිටියේ අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් සංවර්ධනයට ඉවහල් වන අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු, අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක, විදුහල්පති සේවාවල පුරප්පාඩු ද ඉදිරි මාසයේ දී පූරණය කරන බවයි.
භෞතික සම්පත් වර්ධනයට ද වැඩි අවධානයක් යොමු කරමින් දැනට වෙන් ව ඇති සම්පත් ප්‍රමුඛතා පිළිවෙළකට පාසල්වලට ලබා දෙන බව ද හෙතෙම සඳහන් කළේ ය.
පසු කළ දුෂ්කර මාස 7-8 තුළ තෘප්තිමත් විය හැකි පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කර ඇති පරිවර්තනීය ක්‍රියාදාමය, සැබෑ අධ්‍යාපන පරිවර්තනයක් ලෙස සැලසුම් සහගත ව ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ය.