දිස්ත්‍රික්ක 03කට නාය අනතුරු ඇඟවීමක් | Page 13 | සිළුමිණ

දිස්ත්‍රික්ක 03කට නාය අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
 
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 02කට අවධානාත්මක නිවේදන නිකුත් කර ඇත.
 
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර 01ක යටතේ විමසිලිමත් වන්නැයි නිවේදනය කර තිබේ.
 
හෙට (21) පස්වරු 8.30 දක්වා එම අනතුරු ඇඟවීම වලංගුය.
 

Comments