කාන්තා දිනයට ශ්‍රී ලංකන් ගුවන් සේවය සිදු කළ වෙනසක් | Page 2 | සිළුමිණ

කාන්තා දිනයට ශ්‍රී ලංකන් ගුවන් සේවය සිදු කළ වෙනසක්

ශ්‍රීලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් ගමනක් සිදු කරමින් අදට (08) යෙදී ඇති කාන්තා දිනය සැමරීය.
 
UL131 දරණ එම ශ්‍රීලංකන් ගුවන් යානය අද උදෑසන ඉන්දියාවේ ට්‍රිචි වෙත පිටත්ව යන ලදී.  
 
එහි කාර්ය මණ්ඩලයට කපිතාන් චාමිකා රූපසිංහ, පළමු පියාසර නිලධාරි බිමලී ජීවන්දර, ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී රෝෂානි දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුලසහ ගුවන් සේවිකාවන් වන ලක්මිණි දිසානායක, ජයකලනී කින්සන් සහ හර්ෂි වල්පොල කංකානමාලගේ එක් වූහ. 
 

Comments