
මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් අවශ්‍ය වුවහොත් බිලියන 20ක් යෙදවීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි. මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් දැනටමත් වෙන් කර ඇතැයිද අවශ්‍ය නම් එම මුදල දෙගුණ කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි ද ඇමැතිවරයා සිළුමිණට කීය.
මෙසේ මිලදී ගන්නා වී වලින් සහල් කිලෝ 10ක් බැගින් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට ලබා දීමට පියවර ගෙන ඇති බව ඇමති අමරවීර කියා සිටියේය.