වනිඳු යළි අංක එකට | Page 2 | සිළුමිණ

වනිඳු යළි අංක එකට

පසුගිය 19 වැනිදා යාවත්කාලීන කරන ලද ICC විස්සයි 20 ක්‍රිකට් තරඟවල ලොව හොඳම පන්දු යවන්නා බවට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග පත්ව තිබේ. 
 
ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 695කි. වනිඳු යළි අංක එකේ T20 පන්දු යවන්නා බවට පත්ව ඇත්තේ මෙතෙක් අංක එකේ ස්ථානයේ සිටි ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් දෙවන ස්ථානයට පත්වීමත් සමඟය.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ ඉකුත්දා පැවති පන්දුවාර 20 තරඟ තුනේදී රෂීඩ් ඛාන් දවාගෙන ඇත්තේ කඬුලු 4 ක් පමණි. රෂීඩ් ඛාන් සහ වනිඳු හසරංග අතර ඇත්තේ එක් ලකුණක පරතරයක් පමණි. තෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ එංගලන්ත කණ්ඩාය‍මේ දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ් ය.
 
එසේම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලද වනිඳු හසරංග සිව්වන ස්ථානයේ රැඳී සිටී. ප්‍රසාද ලකුණු 175ක් ලබාගනිමින් වනිඳු එම ස්ථානයේ රැඳී සිටී.
 
මේ අතර ICCයේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 240ක් ලබාගනිමින් වනිඳු හසරංග 07 වන ස්ථානයේ රැඳී සිටී.

Comments