ආනයනික බිත්තර සඳහා බදු අඩු කෙරේ | Page 2 | සිළුමිණ

ආනයනික බිත්තර සඳහා බදු අඩු කෙරේ

පෙබරවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි  ආනයනික බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් 01දක්වා අඩු කර තිබේ.
 
අදාළ බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා වලංගු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
 
මේ අතර මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ.
 
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් එම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිතය.
 
ඉන්දියාවේ සිට බිත්තර මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
 
ඒ අනුව අදාළ බිත්තර තොගය හෙට දිනයේ ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

Comments