හරිත මූල්‍ය කමිටුවක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස් | Page 2 | සිළුමිණ

හරිත මූල්‍ය කමිටුවක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්

මේ වසර තුළ හරිත මූල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් හරිත මූල්‍ය කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන් විසින් උපදෙස් දී ඇත.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වෙනිදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

කාලගුණ විපර්යාස ආශ්‍රිත අභියෝග හා කාබන් විමෝචනය අඩු ආර්ථිකයක් කරා ගමන් කිරීමේ දී මුහුණපාන අභියෝග ජය ගැනීමට මූල්‍ය ප්‍රවාහයන් යොමු කිරීමයි.

හරිත මූල්‍ය, හරිත බැඳුම්කර, දේශගුණික මූල්‍ය යනාදී වශයෙන් දැනටමත් සිදුවෙමින් පවතින සියලුම ක්‍රියාවලීන් නිශ්චිත විෂය පථයක්, ක්‍රියාමාර්ග සහ ඉලක්ක සහිතව එක් වේදිකාවකට පෙළගැස්වීම හරිත මූල්‍ය පිළිබඳ මාර්ග සිතියම මගින් අපේක්ෂා කෙරේ.

Comments