
මේ මස 22, 23, 24 හා 28 දින වල පැවැත්වීමට නියමිතව තිබූ 2023 පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ යොදාගත් පරිදි එදිනට සිදු නොකරන බවත්, නැවත සලකුණු කිරීමේ දින පසුව දැනුම් දෙන බවත්, මැතිවරණ කොමිසම් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මාර්තු මස 9 වැනි දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් මැතිවරණ කොමිසම් සභාව වෙත ලබා නොදීම නිසා මෙසේ කල්දමා ඇති බව ද එම නිවේදනයෙන් දන්වා ඇත.