ජපන් තානාපති ඇමැති බන්දුල අතර හමුවක් | Page 2 | සිළුමිණ

ජපන් තානාපති ඇමැති බන්දුල අතර හමුවක්

ජපාන රජයේ සහයෝගීතාවයෙන් මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති, රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අතර විශේෂ හමුවක් ඉකුත්දා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ඉදිකිරීම් අවසන් කර ඇති නව කැලණි පාලම් ව්‍යාපෘතිය ඇතුළුව දැනට සිදුකෙරෙමින් පවතින හා අතරමඟ නතර වී තිබෙන ව්‍යාපෘතිවල ඉදිරි කටයුතු පිළිබඳව ඇමැති බන්දුල ගුණවර්ධන විසින් ජපන් තානාපතිවරයාගේ විශේෂ අවධානයට මෙහිදී යොමු කරන ලදී.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා සමඟ ජයිකා ආයතනයේ නියෝජිත පිරිසක්ද සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments