විදුලි ගාස්තු සංශෝධනය සමඟ දුෂ්කරතාවට පත්වන පාර්ශ්වයන්ට සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස් | Page 3 | සිළුමිණ

විදුලි ගාස්තු සංශෝධනය සමඟ දුෂ්කරතාවට පත්වන පාර්ශ්වයන්ට සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සළසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ වගකිවයුතු නිලධාරීන්ට අද (16) උපදෙස් දුන්නේය.
 
ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දීම වැනි කටයුතු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
 
2023 ජනවාරි 05 වන දින කැබිනට් අනුමැතිය ලද ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ගාස්තු සංශෝධන යෝජනාවට ඊයේ (15) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL ) අනුමැතිය හිමි විය.
 

Comments