සහල් මිල පහ­ළට | Page 2 | සිළුමිණ

සහල් මිල පහ­ළට

මේ වන විට දේශීය වෙළෙඳපොළේ සහල් මිල සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇතැයිද, ඉදිරියට සහල් මිලෙහි තවත් අඩුවීමක් පෙන්නුම් කරනු ඇති බවත් සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති වී.කේ රංජිත් සිළුමිණට පැවැසීය.

මේ අනුව වෙළෙඳපොළේ ඇති සහල් කිලෝවක මිල රුපියල් 20 - 25 ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇත. මෙසේ අඩු වූ මිල ගණන් අනුව නාඩු සහල් කිලෝවක නව මිල (පළමු පංතියේ) රුපියල් 185-190ක් ද, සම්බා කිලෝවක නව මිල රුපියල් 190-205ක් ද, නාඩු සුදු කැකුළු කිලෝවක නව මිල රුපියල් 170-180ක් ද, රතු කැකුළු කිලෝවක නව මිල රුපියල් 185-190ක් ද, කීරි සම්බා කිලෝවක නව මිල රුපියල් 220-230ක් ද වන බවයි. එසේම පසුගිය දිනවල රුපියල් 150කට තිබූ වී මිල රුපියල් 75-80ත් දක්වා අඩු වී ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති වී.කේ. රංජිත් පැවැසුවේ මේ වන විට 2023 මහ කන්නයේ අස්වනු ඒමට පටත් ගෙන ඇති අතර, පසුගිය කාලයේ විදේශීය ආධාර හරහා රට තුළට පැමිණි සහල් තොගද මේ දිනවල බෙදා හැරීමට කටයුතු කර ඇති හෙයින් මෙසේ මිල ගණන් අඩු වූ බවය. එසේම ඔහු පැවසුවේ මේ වන විට සහල් සම්බන්ධව වෙළෙඳපො‍ෙළ් තරගකාරී ඉල්ලුමක්ද නොපවතින බවයි.

 

Comments