මහ­වැලි බංග­ලා­ව­ලින් කෝටි 4ක පාඩු­වක් | Page 9 | සිළුමිණ

මහ­වැලි බංග­ලා­ව­ලින් කෝටි 4ක පාඩු­වක්

ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය සතු සංචාරක බංගලා 27න් රුපියල් මිලියන 36ක පාඩුවක් ලබා ඇත.

අධිකාරිය සතු සංචාරක බංගලා 27ම ආදායම ඉක්මවා වියදම් දරා තිබිම හේතුවෙන් 2021 වර්ෂය තුළදී මෙකි අලාභය වාර්තාකොට තිබේ. සංචාරක බංගලා ආදායම අඩුවෙමින් පැවතියදිත් 2021 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ සංචාරක බංගලා 05ක් අන්තර්ජාල පහසුකම් මගින් වෙන්කිරීම සහ බාහිර පුද්ගලයින් වෙත නිකුත් කිරීම නවතා දමා තිබුණි.

මහවැලි සංචාරක බංගලා නවීකරණය කරමින් අන්තර්ජාලගත කිරීමේ ව්‍යාපෘතිය තුළ සාමාන්‍ය ආදායම රුපියල් මිලියන 10 ඉක්මවා ගැනීමට හැකිවු බව අධිකාරිය විසින් විගණනයට සදහන් කොට ඇත.මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ( ප්‍රධාන වෙලි සහ ජලාශ මෙහෙයුම්) පවතින සංචාරක බංගලා 05 සේවා අවශ්‍යතාවය වෙනුවෙන් සංචාරකයින් වෙත බැහැරකරලිම තාවකාලිකව අත්හිටුවා ඇත.

 

Comments