ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා ප්‍රද­ර්ශ­න­යට ජන­පති එක් වෙයි | Page 2 | සිළුමිණ

ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා ප්‍රද­ර්ශ­න­යට ජන­පති එක් වෙයි

ශ්‍රී ලංකාවේ අභිමානය විදහා දැක්වෙන අයුරින් නවක හා ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 4 වනදා ආරම්භ වූ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා චිත්‍ර ප්‍රදර්ශනය නැරැඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ද එක් විය. 75 වන ජාතික නිදහස් සමරුවට සමගාමීව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ පැවැති මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පේල්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, සිකුරාදා එය නිමාවට පත් විය. “ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස්. සරත් කියා සිටියේ බලාපොරොත්තු වූ පරිදි රට පුරා තරුණ මෙන්ම වැඩිහිටි චිත්‍ර ශිල්පීන් විශාල සංඛ්‍යාවක් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා චිත්‍ර යොමු කළ බවය. චිත්‍ර ප්‍රදර්ශනය නැරඹූ ජනාධිපති වික්‍රමසිංහයන් එයට සහභාගී වූ චිත්‍ර ශිල්පීන් සමඟ සුහද කථා බහකට එක් වූ අවස්ථාවයි මේ.

 

Comments