
ත්‍රි මලේ හයක් මුලින් මෙරටට : තවත් තිදෙනෙක් පසුව එති
සැළැසුම් කළේ එරට මේජර් ෙජනරාල්වරියක්
පහර දී ආහාරත් නැතිව වැඩ අරන්
ගොවිපොළේ සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් තානාපති කාර්යාලයට ඇමතුමක්
කුවේට් රාජ්‍යයේ ඉරාන දේශ සීමාව ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වාගෙන ගිය ගොවිපොළක බලහත්කාරයෙන් රඳවා ගනිමින්, පහර දෙමින්, ආහාර සහ වැටුප් ලබා නොදෙමින් වැඩ ගනිමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන් හයදෙනෙකු බලවත් පරිශ්‍රමයක් දරා එයින් බේරාගෙන පසුගිය ජනවාරි 09 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි. මේ අය සිය පණනල ගැටගසාගෙන ඇත්තේ ඉතා දුෂ්කර ක්‍රියාවක නිරත වීමෙනි. ඇතැම්න් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූහ. මේ අය සියලු දෙනා ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරු වූහ.
මේ පිරිස කින්නියා ප්‍රදේශයේ නීත්‍යානුකූල නොවන තැරැව්කරුවෙකු මාර්ගයෙන් කුවේටයේ මෙම රැකියා සඳහා ගොස් තිබුණේ මීට කලකට පෙරදීය. මේ තැරැව්කරුවාට තමන් හසුවූ බව මේ පිරිස දැනගනිද්දී ඔවුන් සියලු දෙනා අමාරුවේ වැටී තිබිණි.
ශ්‍රී ලාංකිකයන් පිරිස කුවේට් රාජ්‍යයේ ෂේක්වරයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපොළක මෙසේ සේවයේ යොදවා තිබූ අතර එහිදී ඔවුන්ට ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදුවී තිබිණි. ඇතැම් අවස්ථාවල ඔවුන්ට පහර කෑමට පවා සිදු විය.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අදාළ ගොවිපොළේ සිට කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රාත්‍රී කාලයේ ලබා දුන් දුරකතන ඇමතුමක් අනුව ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම සකස් කර තිබුණි. ඒ සඳහා කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් යුහුසුලු වූහ.
අතිශය දුෂ්කර එසේම මංමාවත් පවා නොමැති මෙම කාන්තාර ප්‍රදේශයේ පිහිටි මෙම ගොවිපළේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවුණේ අදාළ ගොවිපොළේ ආරක්ෂාව ද තර කර තිබුණු නිසාය.
කුවේට් රාජ්‍යයේ ප්‍රබල ෂේක්වරයාගේ බලපෑම සහ පරිසරයේ පවතින දුෂ්කරතාවලට මුහුණ දීම සඳහා කුවේටයේ ඉහළම ආරක්ෂක අංශ ප්‍රධානී සතු වන මේජර් ජනරාල්වරියකගේ සහාය මෙහෙයුම සඳහා ලබා ගැනීමෙන් පසු හමුදා මෙහෙයුමක් දියත් කර ශ්‍රී ලාංකිකයන් පිරිස බලවත් පරිශ්‍රමයකින් පසුව බේරා ගැනීමට හැකි විය.
එසේම එම නිලධාරිනිය සහ එරට රජයේ සහාය මත මෙසේ මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීම සඳහා වීසා ලබා ගැනීමට ද හැකි විය. ඒ ඔවුන් මුදා ගැනීමෙන් අනතුරුවය.
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන තානාපති නිලධාරී අබ්දුල් හලීම් සහ එහි තෙවන ලේකම් ජනක සමරසේකර මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිස බේරා ගැනීමට මහත් උනන්දුවකින් කටයුතු කර තිබීම සුවිශේෂිය.
මෙසේම මෙම ගොවිපොළේ මේ ආකාරයට රඳවාගෙන සිටි තවත් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනකු ද මේ වන විට මෙරටට පැමිණ ඇත. ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ද පරීක්ෂණයක් පැවැත්වෙයි.
මෙම තරුණයන් පිරිස පසුගිය 09 වැනිදා අලුයම 03.30ට කුවේට් සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම තරුණයන් පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාර ගෙන, ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගෙන තිබිණි.