ගල් අඟුරු ගේන්න මුදල් අමා­ත්‍යාං­ශය දැඩි සට­නක | Page 20 | සිළුමිණ

ගල් අඟුරු ගේන්න මුදල් අමා­ත්‍යාං­ශය දැඩි සට­නක

ගල් අඟුරු ගෙන ඒමට අවශ්‍ය රුපියල් බිලියන 55 ක මුදලක් සොයා ගැනීම උදෙසා මුදල් අමාත්‍යාංශය මේ වන විට දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනගේ මැදිහත් වීම මත මේ වන විට රුපියල් බිලියන 20 ක මුදලක් සොයා ගෙන ඇති අතර ඉතිරි රුපියල් බිලියන 35 ක් සොයා ගැනීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇත.

පෙබරවාරි මස මුල් සතිය අවසන් වීමට ප්‍රථම ගල් අඟුරු නොලද හොත් පැය 6 ක අඛණ්ඩ විදුලි කප්පාදුවකට සැප්තැම්බර් මාසය දක්වා යෑමට සිදුවනු ඇති බව ද වාර්තා වේ. වාරකන් කාලය ආරම්භ වීමට ප්‍රථම ගල් අඟුරු ගොඩ බෑ යුතු අතර එසේ නොවුණහොත් පුත්තලමෙන් ගල් අඟුරු ගොඩ බෑමට නොහැකි තත්ත්වයක් මතු වනු ඇත.

 

Comments