උසස් පෙළ විභා­ග­ය සඳුදා | Page 3 | සිළුමිණ

උසස් පෙළ විභා­ග­ය සඳුදා

ලබන සඳුදා (23) ඇරඹෙන උසස් පෙළ විභාගයේ විශේෂ වෙනස්කමක් සිදු කරමින් සිසුන්ගේ නියමිත විෂයයන් ඇතුළත්කාල සටහන විභාග ප්‍රවේශ පත්‍රයේම ඇතුළත් කර තිබේ.

ජාතික විභාගවල ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගෙන යාමත්, ඉදිරියේදී විභාග ශාලාවලටත් අවම ප්‍රමිතියක් ඇති කිරීම හා කාර්ය මණ්ඩල පුහුණු සංචිතයක් ඇති කිරීමටත් බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සිළුමිණට පැවසීය.

සාමාන්‍යයෙන් වසරකට උසස් පෙළ විභාග වංචා 200-300 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බව නව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, හෙටින් ආරම්භ වන 2022 උසස් පෙළ විභාගයේ අධීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට පුළුල් ජාලයක් ඇති කළ බවයි. විභාග වංචා අනාවරණය කර ගැනීමටත්, විභාග ක්‍රමවේදයේ ගුණාත්මකභාවය පවත්වා ගෙන යාමටත් අධ්‍යාපන කලාප හා පළාත් මට්ටමින්, විභාග දෙපාර්තමේන්තුවේ පුළුල් අධීක්ෂණ වැඩපිළිවෙළක් මෙවර ක්‍රියාත්මක වේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ 2025 වසර වන විට පෙර පරිදි විභාග පැවැත්වීමට කටයුතු කරන බවයි.

 

 

Comments