‘සීතාවක ඔඩිසි’ අද සිට ක්‍රියාත්මකයි | Page 2 | සිළුමිණ

‘සීතාවක ඔඩිසි’ අද සිට ක්‍රියාත්මකයි

සීතාවක පුරවරයේ සංචාරයට නව මඟක් විවර කරමින් "සීතාවක ඔඩෙසි " අද(15) ගමන් අරඹයි.
 
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක්‌ අනුව සීතාවක ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් ආරම්භ කෙරුණු "සීතාවක ඔඩෙසි" සුඛෝපභෝගී සංචාරක දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ විය.
 
කොළඹ කොටුව සිට වග දක්වා ගමන් කෙරෙන මෙම දුම්රියේ ගමන් ගන්නා සංචාරකයින්ට ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ගණනාවක් නැරඹීම සඳහා වැඩසටහනක්‌ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය හා ඒකාබද්ධව සැලසුම් කර ඇත.
 
දුම්රිය ගමන් ආරම්භ කිරීමේ සමාරම්භ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යාදමිණී ගුණවර්ධන, මධුර විතාන, මේජර් ප්‍රදීප් උඳුගොඩ ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයින්, දුම්රිය  සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරීන්, අමාත්‍යංශයේ නිලධාරීන් සහ දෙස් විදෙස් සංචාරකයින් පිරිසක්ද එක්ව සිටියහ.

Comments