
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් සීතාවක ඔඩිසි නමින් විශේෂ සංචාරක දුම්රියක් 15 වන ඉරිදා සිට සෑම සති අන්තයකම ධාවනය කෙරේ.
මෙම දුම්රිය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සංකල්පයක් සහ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ දිරි ගැන්වීම හිමි වේ. දුම්රියේ මංගල ගමන් ආරම්භය 15 ඉරිදා කොටුව දුම්රිය ස්ථානයේදී ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ ආරම්භ කෙරෙන අතර විදෙස් සංචාරකයන් පනහක් පමණ එක්වීමට නියමිතය.
දුම්රිය වග දුම්රිය ස්ථානය දක්වා ගමන් කර පසුව බස් රථ මඟින් සංචාරකයන් ලබුගම, කලටුවාව ජලාශ සහ දිය ඇලි, සීතාවක තෙත්බිම් උද්‍යානය වැනි සුන්දර ස්ථාන නැරැඹීම සඳහා යොමු කෙරේ.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ අරමුණ වී ඇත්තේ සීතාවක සහ අවිස්සාවේල්ල නවතම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමය. කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ඉතාම සුන්දරතම පරිසර පද්ධතිය වන්නේ කැලණි මිටියාවත ආශ්‍රිතව පවතින සීතාවක නිම්නය වේ. එමෙන්ම සීතාවක රාජධානි ප්‍රදේශය සතුව විශාල ඓතිහාසික වැදගත්කමක් මෙන්ම පාරම්පරික, සටන් කලා, පුරාවිද්‍යාත්මක ස්ථාන වැනි සංචාරක ආකර්ෂණීය ස්ථාන රාශියක්ද වේ.