වන අලින් 3ක් පුලතිසිට බිලි | Page 2 | සිළුමිණ

වන අලින් 3ක් පුලතිසිට බිලි

ඩකලපුව සිට කොළඹ කොටුව බලා පසුගිය සිකුරාදා ධාවනය වූ පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට ගල්ඔය හන්දිය හා හතරැස් කොටුව දුම්රිය ස්ථාන අතර දී වන අලි 03 න් දෙනෙකු ගැටීම නිසා එම දුම්රිය පිලී පැනීමකට ලක්වූ අතර දුම්රියේ ගැටුණු වන අලින් තිදෙනා එම ස්ථානයේදීම මිය ගොස් තිබුණි. උදෑසන 5.00ට පමණ මේ අනතුර සිදුව ඇති අතර මෙසේ අනතුරට පත් වූයේ අලුයම 1.30 ට මඩකළපුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර දුම්රියයි.

අනතුරෙන් දුම්රියේ රියැදුරු මෙහෙයුම් මැදිරිය (ඩමිය) හා යාබඳ මැදිරියක් පිලී පැනීමකට ලක්විය. සිකුරාදා සවස් වන විට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබූ අතර වනජීවි නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ අලින්ගේ මරණ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කරන ලදී.

Comments