
පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීමේදී නිසි නීතිමය ක්‍රමවේද අනුගමනය කර නැතිනම් මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තැන්පත් කරන ලද ඇප මුදල් කොමිසමේ සාමාජිකයන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇතැයි නීති විශාරදයින් පිරිසක් විසින් රජයට දන්වා තිබේ.
මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ හමු වූ අවස්ථාවේදී මේ ගැන ඔවුන්ගෙන් විමසා ඇත.
තේරීම් භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවා සාකච්ඡා කිරීමකින් තොරව මැතිවරණයට අදාළ කිසිදු නිවේදනයක් නිකුත් කළ නොහැකි බව නීති විශාරදයන්ගේ මතය වී තිබේ.
කොමිසම අවසන් වරට අදාළ නිලධාරීන් කැඳවා ඇත්තේ ඉකුත් දෙසැම්බර් 21 දා බවත් කොමිසමේ සාමාජිකයන් හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී හෙළිවී තිබේ.