දුම්රියේ නව රැකියා 3000ක් | Page 2 | සිළුමිණ

දුම්රියේ නව රැකියා 3000ක්

ඛණ්ඩ දුම්රිය සේවයක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහායක තනතුරු සඳහා 3000ක පිරිසක් ඇතුළත් කර ගැනීමට දැන් කටයුතු කරගෙන යයි.

කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිවන ආකාරයට රාජ්‍ය සේවයට ඇතුළත් කරගෙන සිටින බහුකාර්ය සංවර්ධන කාර්ය බළකායේ පිරිස් අතරින් මෙම බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් අනුවය. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ රජයේ විශ්‍රාම වැටුප් ඇතුළු දීමනාවලට හිමිකම් කියන රජයේ ස්ථිර රැකියාවලට ඇතුළුවී‌ෙම් අවස්ථාව ඔවුන්ට හිමි වේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදය මැද්දේ වුවද පොදු ජනතාවගේ ප්‍රවාහන සේවාව අඛණ්ඩව සැලසීමට ඉවහල් වන අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල හිඟයට මෙම බඳවා ගැනීම් ඉවහල් වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Comments