
මොණරාගල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් සිදුකළ වැටලීමක දී වියළිම සඳහා සකසා තිබූ ගංජා පැළ 650ක් සහ භූ නිරීක්ෂණ උපකරණයක් ද එම නිවසේ තිබී හමු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි
මෙම සිද්ධියට අදාළව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිළ රියදුරු ,නිවසේ රාජකාරී සිදුකළ පොලිස් සැරයෙන් වරයෙක් ද අත් අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මෙම සිදු වීමට අදාළව මොණරාගල ප්‍රදේශයේ එක් අයෙක් හා මොරටුව එගොඩ උයන පදිංචි දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට තිබෙයි.
සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මොනරාගල ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.