දළදා වහන්සේට අපහාස කළ සේපාල් 10 දක්වා රිමාන්ඩ් | Page 2 | සිළුමිණ

දළදා වහන්සේට අපහාස කළ සේපාල් 10 දක්වා රිමාන්ඩ්

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක සහ අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් බෙල්ලන්විල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ පසුගිය සිකුරාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, අධිකරණය විසින් ලබන ජනවාරි 10 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය

දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තියට අනුව යම්කිසි ආගමික විස්වාසයකට, ස්ථානයකට යම්කිසි තැනැත්තෙක් අපහාසාත්මක ආකාරයෙන් කටයුතු කිරීම වරදක් බවත්, මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම සාපරාධි ක්‍රියාවක් වන බැවින් ලංකාවේ නීතිය අනුව එය වසර 10 ක් වුවද සිරගත කළ හැකි වරදක් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඇමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළේ දළදා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ජායාරූපය ගයාන් පුෂ්පික

Comments