
සීත කඳුකරයේ වැඩෙන තේ දලුවකට අගය එක් කළ පුරෝගාමියා ඔහු ය. ශ්‍රී ලාංකේය තේ සඳහා ජාත්‍යන්තර වටිනාකමක් එක් කළ තේ කලාවේ ප්‍රමුඛයා ද ඔහු ය. මෙරට ව්‍යාපාර නායක ලැයිස්තුවේ ඉහළින්ම සිටින මෙරිල් ජේ. ප්‍රනාන්දු හෙවත් ඩිල්මා නිර්මාතෘට අනුව, ව්‍යාපාරයක් යනු සමාජ මෙහෙවරකි. ඒ සමාජ මෙහෙවර තුළ මේ මිහිතලයේ ජීවත් වන ගහකොළ සතා සීපාවා ඇතුළු ප්‍රාණීන් උදෙසා කළ නොහැකි දෙයක් නැත. එහෙයින් ඩිල්මා යනු, උපයන දෙයින් යමක් ලෝකයේ යහපත උදෙසා වෙන් කිරීම පිළිබඳ පූර්වාදර්ශ සපයන, සියයට සියයක් ශ්‍රී ලාංකේය සමාගමකි.
" තේවලට තිබූ මගේ ආශාව සහ ලැදියාව තුළින් මගේ පාරිභෝගිකයන් සේවකයන් සහ අඩුවරප්‍රසාද ලත් මිනිසුන්ට සහ පරිසරයට යහපතක් ගෙන දෙන්න මට උවමනා වුණා. ඩිල්මා, සමාජ මෙහෙවර වෙනුවෙන් කැප වූ ව්‍යාපාරයක් ලෙස මම ගොඩනැඟුවේ ඒ නිසයි"
මෙරිල් ජේ. ප්‍රනාන්දුගේ එම දැක්මට අනුව, MJF පදනම හරහා අපේ ම මිනිසුන් වෙනුවෙන් ලැබෙන අත්වැල සුළුපටු නැත. ඒ අනුව, මනුෂ්‍යත්වයට සේවය කිරීමට මේ වන විටත් ඩිල්මා වැය කොට ඇති සමස්ත වටිනාකම රුපියල් බිලියන 7 කට අධික ය. ඒ සියල්ල මේ මිහිතලය, සොබාදහම සහ සමාජයේ යහපත වෙනුවෙන් ම පමණි.
MJF ළමා සංවර්ධන වැඩසටහන් ඔස්සේ ඔවුන් ගේ තේ වතුවල වෙසෙන අඩු වරප්‍රසාද ලත් පවුල්වල දරු දැරියන් 2,300 කට වැඩි පිරිසක් ප්‍රතිලාභ ලබන්නේත්, වතුකරයේ සහ දුෂ්කර පළාත්වල අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් 3,500කට අධික සංඛ්‍යාවක් MJF ළමා වැඩසටහනෙන් අධ්‍යාපනය ලබන්නේත් එහි ප්‍රතිඵලයක් ලෙස ය. අර්බුදකාරී සමාජ පසුබිමක හැදෙන වැඩෙන දරුවන්ට අත්වැලක් වෙමින් MJF ළමා වැඩසටහන මේ වන විටත් දිවයින පුරා මධ්‍යස්ථාන 10 ක ක්‍රියාත්මක ය. එපමණක් නොව, ශිෂ්‍යත්ව 550ක් හරහා දරුවන්ගේ ද්විතීයික සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ද අත්වැලක් ලැබී තිබේ.
එසේම කුඩා ව්‍යවසායක වැඩසටහන ඔස්සේ, ඩිල්මා ව්‍යවසායකයන් 2,000කට අධික සංඛ්‍යාවක් බිහි වී තිබෙන්නේත් කාන්තාවන් 1,400 කට වඩා වැඩි පිරිසක් ආත්ම ගරුත්වයේ රැකියා මතින් සවිබල ගැන්වී තිබෙන්නේත් එහෙයිනි. රුපියල් මිලියන 12ක ආයෝජනයකින් පේදුරුතුඩුවේ ඉදිවන 'අන්ජලී අහම්' නවතම ඉගෙනුම් මධ්‍යස්ථානය ද, උතුරේ ආර්ථික අපහසුතා ඇති දරුවන් ගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙනි. දිවයින පුරා 50,000 ට අධික පිරිසක් ගුණාත්මක බවින් යුතු නවීන සෞඛ්‍ය සේවා පහසුකම්වලින් ප්‍රතිලාභ ලබන අතර, 2021 වසරේ ඩිල්මා සහ කහවත්ත වැවිලි සමාගම විසින් නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට අධි සත්කාර ඒකකයක් පරිත්‍යාග කර ඇත්තේ පොදු ජනතාව ගේ යහපත උදෙසා ය.
රුපියල් මිලියන 110 ක ආයෝජනයකින් ඉදිකළ ඇඳන් 90ක් සහිත වාට්ටු සංකීර්ණය, මෙරිල් ප්‍රනාන්දු සහ මිත්‍ර ඉයන් සහ බාබරා කැරන් පදනම විසින් පේදුරුතුඩුව රෝහල වෙත ලබා දී තිබෙන තවත් මනුෂ්‍යත්වයේ පරිත්‍යාගයකි. රුපියල් මිලියන 65 ක ආයෝජනයකින් කයිට්ස් මූලික රෝහලේ අංග සම්පූර්ණ බාහිර රෝගී සහ පරිපාලන ඒකකය ද, තවත් එවැනිම MJF පරිත්‍යාගයකි. එතෙකින් නොනැවතී, වසංගත සමයේ සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීම උදෙසා රුපියල් මිලියන 64 ක් වටිනා උපකරණ පරිත්‍යාග කළේය. එසේම රුපියල් මිලියන 66 ක් ආයෝජනය කරමින් වතුකරයට නවීන යටිතල පහසුකම් ලබා දුන්නේ පවුල් 15,000 කට අධික සංඛ්‍යාවක ගේ මූලික අවශ්‍යතා සහ උවමනා සපුරාලමිනි. MJF ශිෂත්ව වැඩසටහන හරහා දරුවන් 520 දෙනකු මේ වන විටත් ප්‍රතිලාභ ලබා ඇති අතර, ඉන් 294 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා තිබේ. නැඟෙනහිර සහ බස්නාහිර පළාතේ ඩිල්මා Empower සූපශාස්ත්‍ර පාසලෙන් තරුණ සූපවේදීන් 250 කට අධික සංඛ්‍යාවක් බිහි වී තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව හරහා MJF පදනම සහ ක්‍රිකට් (CLF) New zealand ආයතනය දරු දැරියන් 1,000කගේ ජීවිතවලට අරුතක් ගෙන දී තිබේ. වඩු ශිල්පය, ඇඳුම් මැසීම, තොරතුරු තාක්ෂණවේදය සහ ග්‍රැෆික් කලාව ඇතුළු වෘත්තීන් ගණනාවක පුහුණුව ලබාදීමට තරුණ තරුණියන් 7,000කට අධික පිරිසකට අවස්ථාව උදා කර දී තිබේ. එසේම, චිකිත්සක සේවා සහ අධ්‍යාපනයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 3,500කට අධික සංඛ්‍යාවක ගේ ජීවිතවලට රුකුලක් වීමට ද ඩිල්මාට හැකි වී තිබේ.
Biodiversity Sri Lanka සම නිර්මාතෘ ලෙස, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සහ පරිසර සංරක්ෂණය කෙරෙහි ආයතනික අංශය තුළ දැඩි උනන්දුවක් ඇති කරවීමට කටයුතු කිරීම ද ඩිල්මා සලකනුයේ සිය ජාතික වගකීමක් ලෙසිනි.
එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්ත ජාලයේ (UNGC) අත්සන්කරුවකු ලෙස මානුෂික අයිතීන්, ශ්‍රමය, පරිසරය සහ වගකිවයුතු බව යන අංශයන්හි ආචාර ධර්මානුකූල ව්‍යාපාර සඳහා උපදේශන සේවා ලබාදීම, ඩිල්මා වෙතින් ක්‍රියාත්මක තවත් සමාජ සද්කාර්යයකි. පෞද්ගලික සමාගමක් විසින් පිහිටුවන ලද ගස් සහ පැළෑටි ප්‍රභේද 500කට වඩා දක්නට ලැබෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම වනෝද්‍යානය ද ඩිල්මා සතුය.
ඩිල්මා අනුග්‍රහයෙන් ස්ථාපනය කරන ලද උඩවලවේ ඇත් අතුරු සෙවණ හරහා අලි පිළිබඳ පර්යේෂණයන්ට දායකත්වය ලබා දෙන අතර ම, අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සමාජය දැනුම්වත් කිරීම සහ අනාථ පැටවුන් රැක බලා ගැනීම වැනි කර්තව්‍ය සිදු කෙරේ. සමනලුන් විශේෂ 50 ක් දැක ගත හැකි ආදර්ශ සමනල උයන පිහිටා ඇත්තේ, කටුබැද්ද MJF පරිශ්‍රයේ පිහිටුවා ඇති උද්‍යානයේ ය. අමෙරිකානු ඩොලර් 382,362 ක වියදමක් දරමින්, ජෛව විවිධත්ව වටිනාකමක් එකතු කරන ඇඳාන පාරිසරික කොරිඩෝව නිර්මාණය කිරීම, ඩිල්මා මේ මිහිතලයට ඉටු කළ තවත් සොඳුරු වගකීමකි.
ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් වන ආනවිලුන්දාවේ පිරිහුණු කඩොලාන වනාන්තරයේ අක්කර 16ක් ප්‍රතිෂ්ඨාපනය කිරීම, ශ්‍රී ලංකාවේ මහාද්වීපික තටාකයේ අක්කර 10ක මුහුදු පැළෑටි වගා කිරීම, මී මැසි පාලනය පිළිබඳ පුද්ගලයන් 300කට අධික සංඛ්‍යාවකට දැනුම ලබා දීම, ඩිල්මා ඉටු කළ තවත් සමාජ මෙහෙවර කිහිපයකි. එතෙකින් නොනැවතී, ශ්‍රී ලංකාවේ ශාක හා සත්ත්ව විශේෂ සඳහා ක්ෂේත්‍ර මාර්ගෝපදේශ, සංස්කෘතිය, උරුමය, ආයුර්වේදය සහ කාබනික ගෙවතු වගාව පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ 15ක් එළිදැක්වීම, ඩිල්මා සිදු කරන තවත් සමාජ සද්කාර්යයන් කිහිපයකි.
කෙසේ වෙතත් වතුකර ජනතාව ගේ ජන ජීවිතය උසස් කිරීම, දරුවන් සහ යෞවනයන් සවිබල ගැන්වීම, අධ්‍යාපනය, අසමානතා අවම කිරීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම, වෘත්තීය පුහුණු අවස්ථා, ආබාධිතභාවය සම්බන්ධ උපදේශන සේවා, සෞඛ්‍ය යටිතල පහසුකම් ප්‍රවර්ධනය, දේශගුණික ක්‍රියාකාරීත්වය, පාරිසරික තිරසාරත්වය, ජෛව විවිධත්ව සංරක්ෂණය, පාරිසරික පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය, සොබාදහම පිළිබඳ අධ්‍යාපනය, සාගර සංරක්ෂණය, ආයතනික දැනුම්වත් කිරීම් සහ සොබාදහම පදනම් වූ විසඳුම් ලබාදෙමින් ඩිල්මා තව තවත් ඉදිරියට යනු ඇත.
'අපට තිබෙන්නේ එක ලෝකයයි. ඒ ලෝකයෙන් අපට ගත හැකි දේටත් වඩා, ලෝකයට යම් දෙයක් නැවත ලබාදීම වටිනවා' මෙරිල් ජේ. ප්‍රනාන්දු පවසන්නේ, ඉදිරියට ගෙන යා යුතු තම මනුෂ්‍යත්වයේ දර්ශනය පිළිබඳව ය.
'ඔබ ව්‍යවසායකයෙක් වෙන්න හිතෙනවා නම්, මගේ ව්‍යාපාර දර්ශනය හදාරන්න. මට ලෝකයේ බොහෝ රටවලින් දේශනාවලට ආරාධනා ලැබුණේ, මගේ 'බිස්නස් ෆිලෝසොෆි' එක ගැන කතා කරන්නයි. ඔබ එය හැදෑරුවොත් ඔබත් දියුණු වෙන ගමන් ඉපදුණු රටටත් වැඩ කරන්න පුළුවන්’ අනේක විධි ඔබට පෙනේවි.'