
සමගි ජනබලවේගය ලෙස අපි ප්‍රාදේශීය සභා මැතිවරණයට සූදානම් වෙනවා. ප්‍රාදේශීය සභා ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මහ මැතිවරණයට සූදානම් වෙනවා. මේ දුෂිත පාලනයට විරුද්ධව ජනතාව පෙළ ගැසී සිටිනවා. විශාල පිරිසක් අපේ පක්ෂය වටා ඒකරාශි වෙලා ඉන්නවා.
අනිවාර්යෙන්ම ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකරන සැලසුම් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි ක්‍රියාත්මක කරනවා. ජනමතයට ගරුකරලා මේ ආණ්ඩුව ඉවත් වුණාට පස්සේ අපි ඒ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා.