නිදහස් වෙළෙඳ ගිවිසුම් රැසකට අත්සන් කිරීම ලබන සතියේ | Page 2 | සිළුමිණ

නිදහස් වෙළෙඳ ගිවිසුම් රැසකට අත්සන් කිරීම ලබන සතියේ

රාජ්‍යයන් කිහිපයක් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීම වෙනුවෙන් නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පළමු වටයේ ඉන්දියාව, චීනය හා තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ.

රජය ඉදිරිපත් කළ යෝජනාවට මේ වන විට තායිලන්තය සිය කැමැත්ත පළ කර ඇත.

ඒ අනුව නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන ජනවාරි 8 හා 9 දෙදින මෙරට දී තායිලන්ත රජයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් එරට ප්‍රධානීන් මෙරටට පැමිණීමට නියමිත වේ.

ඊට අමතරව පසුගිය රජය සමයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ බංග්ලාදේශය සමඟ තවදුරටත් සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ද රජය තීරණය කර තිබේ.

 


Comments