ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි | Page 2 | සිළුමිණ

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) අලුයම් කාලයේ සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඔහු නවදිල්ලි බලායන අතරතුර ඔහුගේ උපන් ගම වන උත්තරකාන්ද් ප්‍රාන්තයේ රූර්කී නම් ප්‍රදේශය ආසන්නයේදී එම අනතුර සිදු ව ඇති බවය.
 
අනතුර සිදුවීමෙන් පසු රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන ඇත.
 
රිය පදවන අතරතුර රිෂාබ් ට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි උත්තරකාන්ද් පොලිසියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය වෙත සදහන් කර තිබේ. 
 
වෛද්‍යවරු සදහන් කර ඇත්තේ රිෂාබ්ගේ නළලෙහි සහ දණහිසෙහි තුවාල ඇති බවයි. කෙසේ වෙතත්, පළමු එක්ස් කිරණවලින් ඇඟවෙන්නේ අස්ථි බිඳීමක් නොමැති බවත් ඔහුගේ මෝටර් රථය ගිනි ගත්තද රිෂාබ්ගේ සිරුරේ පිළිස්සුම් නොමැති බවත් වෛද්‍යවරු සදහන් කර ඇත.

Comments