සියලු දෙනාගේ ගෞරවය රකින නත්තලක් සමරමු | Page 2 | සිළුමිණ

සියලු දෙනාගේ ගෞරවය රකින නත්තලක් සමරමු

නත්තලේ සැබෑ අරුත වන්නේ මානව ගෞරවය සුරකිමින් සියලු දෙනා බියෙන් තොර දීප්තිමත් සුනිත්‍ය සමාදානයක් සහිත අනාගතයක් කරා ගෙන යාම බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා මන්ත්‍රණ සභා මහා නායකතුමන් වන ගෞ. දේවගැති ඩබ්ලිව්.ජී. එබනේසර් ජෝසප් පියතුමෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

ධර්මිෂ්ඨකම සුසිල්වත්කම හා යහපත සිය හදවතේ රජ කළ, ඉතා දිළිඳු ජෝසෙප් නම් වඩුවා තුළින් නත්තලේ බලාපොරොත්තුව අපට උදා වේ. රටේ දුගී දුප්පතුන් මුහුණ දෙන විස්තර කළ නොහැකි අපහසුතා පිළිබඳව අප අපගේ සැලකිල්ල යොමු කළ යුතුය. වත්මන ආර්ථික තත්ත්ව නිසා සිය වෛද්‍ය වියහියදම් සපයා ගන්නටත්, කුස ගිනි නිවා ගන්නටත් ඔවුහු පොර බඳිමින් සිටිති.

එසේම අප දේශය සදාචාරමය පදනමක පිහිටුවමින් සමාජයේ සුචරිත්‍රානුකූල තත්ත්වය නැවත පිහිටුවීමේ වගකීම, නත්තල අපට මතක් කරයි. නත්තලේ දී දේවානුග්‍රහය හා සත්‍යය එකිනෙකා වැලඳ ගන්නා අතර, යුක්තිය හා සාමය එකිනෙකා සිප ගනියි. ඒ නිසා අපගේ දේශයේ අනාගතය කුමන සදාචාරමය හා සුචරිතානුකූලව පිහිටවනු ලැබිය යුතුය.

Comments