බෙංගාල බොක්ක අඩු පීඩන කලාපය දිවයිනට බලපායි | Page 13 | සිළුමිණ

බෙංගාල බොක්ක අඩු පීඩන කලාපය දිවයිනට බලපායි

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර, මධ්යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Comments