සතියේ කල දවස | Page 2 | සිළුමිණ

සතියේ කල දවස

මේෂ - ව්‍යාපාර කටයුතුවලට සුබයි

සඳු ගමන් ගන්නේ ඔබගේ කේන්ද්‍රයේ 7, 8, 9 සහ 10 වැන්න හරහාය. ගෘහ ජීවිතය සුළු මතගැටුම් මැද වුවද සාමාන්‍ය තත්ත්වයේ පවතී. දෙවැනි, තුන්වැනි දිනවලදී හිතවතුන්ගේ දුක් සහිත දේවල් අසන්නට ලැබේ. අධ්‍යාපනය ලබන දරුවන්ගේ තත්ත්වය සතුටුදායක වන අතර රැකියා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. පුණ්‍ය කටයුතු සිදු කරයි. පාදවල අසනීප, සෙම් රෝග පැවතිය හැකිය. අපල අවම කර ගැනීමට රෝගී අයකුට උපකාර කරන්න. අඟහරුවාදා නිර්මාංසව බුදුන් වඳින්න. අය 11, වැය 5, සුබ අංක 7 සහ 9, සුබ වර්ණ - රතු සහ නිල්, සුබ දවස් - අඟහරුවාදා සහ ඉරිදා

වෘෂභ - මිශ්‍ර පල සහිතයි

 සඳු ගමන් කරන්නේ 6, 7, 8 සහ 9 වැන්න හරහාය. ආරම්භය තරමක් දුරට සිතේ සැනසීම අඩු කරයි. ගෘහ ජීවිතය හොඳින් ගෙන යයි. ව්‍යාපාර කටයුතුවලින් තරමක ආදායමක් ලද හැකි නිසා ඒ පිළිබඳ උනන්දු වන්න. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සපල වේ. උනන්දුව ඇතිවේ. කනගාටුදායක පුවත් සතිය අවසානයේ සැලවීමටත් කොඳු ඇට පෙළේ වේදනා සහ මුත්‍රා ආසාදනවලටත් ඉඩ ඇත. අපල අවම වීමට කිරි එළදෙනකුට ජලය දෙන්න. එසේ නොමැති නම් වෙනත් තිරිසන් සතකුට දෙන්න.

අය 5, වැය 4, සුබ අංක 6 සහ 9, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා සහ බදාදා

මිථුන - අධ්‍යාපනයට සුබදායකයි

 සඳු ගමන් ගන්නේ 5, 6, 7 සහ 8 වැන්න හරහාය. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් සැලකිය යුතු ආදායමක් හිමි වේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් විශේෂ දක්ෂතා පෙන්වයි. මුත්‍රා ආසාදන, කොඳුඇට පෙළේ වේදනා, උදර රෝග මතුවීමට ඉඩ ඇති අතර ඥාතියකුගේ හෝ හිතවතකුගේ දුකක් අසන්නට ලැබේ. අපල අවම කර ගැනීමට කොහොඹ පැළයකට සත්කාර කරන්න. කුඩා දරුවකුට පෑනක්, අභ්‍යාස පොතක් පරිත්‍යාග කරන්න.

අය 11, වැය 8, සුබ අංක 3, 5, සුබ වර්ණ - කොළ, කහ, සුබ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

කටක - ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්

 සඳු ගමන් කරන්නේ 4, 5, 6 සහ 7 වැන්න හරහාය. නිවෙසේ අලංකරණ කටයුතු සඳහා වෙහෙස මහන්සි වෙයි. ගෘහ ජීවිතය සමගියෙන් ගෙවෙයි. රැකියා කටයුතු සඳහා බොහෝ ඇවිදිලි වැඩ යෙදෙයි. ආදායම් සුබ වුවද වියදම් අධික වේ. දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වන සතියකි. අසනීප මෙන්ම අපල ද පවතී. අපල අවම කර ගැනීමට නිවෙස අසල සිටින දුර්වල අයකුට කැඳ වීදුරුවක් දෙන්න. සඳුදා දවස නිර්මාංස වී කහ සහ සුදු පැහැ මලින් බුදුන් වැඳ පත්තිනි මෑණියන්ට පින් දෙන්න.

අය 5, වැය 8, සුබ අංක 2, 7 සහ 9, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා සහ බ්‍රහස්පතින්දා

සිංහ - සහෝදර උපකාර

 සඳු ගමන් කරන්නේ 3, 4, 5 සහ 6 වැන්න හරහාය. මවුපියන්ගෙන් සහ සහෝදර සහෝදරියන්ගෙන් උපකාර හිමි වෙයි. ගෘහ ජීවිතය සාමයෙන් ගෙවෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සුබවාදී වෙනසක් ඇති කෙරෙයි. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. සතුරු පීඩා, අසනීප, සිත් රිදීම් ආදියට ද හේතුයි. අපල අවම වීමට පක්ෂීන්ට ආහාර සහ ජලය දමන්න.

අය 7, වැය 5, සුබ අංක 1 සහ 4, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා සහ අඟහරුවාදා

 කන්‍යා - සුබ සතියකි

 සඳු ගමන් කරන්නේ 2, 3, 4 සහ 5 වැන්න මතිනි. ගෘහ ජීවිතය ගැටලුකාරී නොවේ. ධනය හා වෙනත් ලැබීම් ඇත. රැකී රක්ෂා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන පවතී. දරුවන්ගේ නැණ, නුවණ වර්ධනය වේ. සෙම් රෝග, ගෙල, උරහිස් ආශ්‍රිතව වේදනා මතු කෙරෙයි. අපල අවම කර ගැනීමට කුඩා දරුවනට උපකාර කරන්න. කොහොඹ පැළයකට සත්කාර කරන්න. අය 8, වැය 6, සුබ අංක 5 සහ 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා සහ සිකුරාදා

තුලා - සතුටුදායක සතියක්

 සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3 සහ සිවුවැන්න මතිනි. සමාදානයෙන් යුතුව ගෘහ ජීවිතය පවත්වාගෙන යයි. රැකියා, ව්‍යාපාර කටයුතුවල දියුණුව ඇතිවේ. දරුවන්ගේ බුද්ධි මට්ටම ඉහළ නැංවෙයි. පොතේ පතේ දැනුම වැඩි දියුණු වෙයි. ඥාතීන්ගෙන් උපකාර ලැබෙන අතර සිතේ සතුට, සැනසීම ඇති වෙයි. සෙම් රෝග, ගෙල, උරහිස් ආශ්‍රිත වේදනා මෙන්ම උදර රෝග ද ඇතිවිය හැකිය. අපල අවම කර ගැනීමට විසිතුරු පාට සහ සුවඳ මල් වර්ග බුදුන්ට පූජා කර දෙවියනට පින් දෙන්න. කරඳ පැළයකට ජලය දමා සත්කාර කරන්න.

අය 5, වැය 3, සුබ අංක 3 සහ 6, සුබ වර්ණ - ක්‍රීම් සහ සුදු, සුබ දවස් - සිකුරාදා සහ සෙනසුරාදා

වෘශ්චික - ලොතරැයි දිනුම්

 සඳු ගමන් ගන්නේ 12, ලග්නය 2 සහ 3 වැන්න හරහාය. ආරම්භය සතුටුදායක නොවේ. පාඩු සහ නිෂ්ඵල වියදම් යෙදිය හැකි වුවත් පසුව සුබ අතට හැරේ. රැකියා, ව්‍යාපාරවලින් ලාභ හිමි වේ. දරුවන්ගේ නැණ නුවණ වර්ධනය කෙරේ. සහෝදර උපකාර ලැබෙයි. සහජ දක්ෂතාවලින් ප්‍රයෝජන ලැබේ. ගෘහ ජීවිතය සමගියෙන් පවත්වාගෙන යයි. අසනීප අපල පවතී. වයසක දුර්වල අයෙකුට උපකාර කිරීමෙන් අපල අවම කරගත හැකිය.

අය 6, වැය 4, සුබ අංක 4 සහ 5, සුබ වර්ණය රතු, සුබ දවස් - අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා

ධනු - රැකීයා ලාභ

 සඳු ගමන් කරන්නේ 11, 12 ලග්නය දෙවැන්න මතිනි. ධන ලාභ මෙන්ම වෙනත් ලැබීම් ද ඇති නිසා ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. රැකී රක්ෂාවල දියුණුව දක්නට හැකි අතර දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලට සුළු සුළු බාධා වීම් පෙන්වයි. මේ සතියේ නිෂ්ඵල වියදම්, නිෂ්ඵල ගමන් ද යෙදිය හැකිය. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ද සැලකිලිමත් වන්න. අපල අවම වීමට වයසක අත්පා වාරු නොමැති අයට උපකාර කරන්න.

අය 11, වැය 9, සුබ අංක 3, 5 සහ 6 සුබ වර්ණය - කහ, සුබ දවස් - ඉරිදා සහ බ්‍රහස්පතින්දා

මකර - ආදායම් ඉහළට

 සඳු ගමන් කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. රැකී රක්ෂා, ආදායම් මාර්ග සුබ අතට හැරෙන සහ ලැබීම් සහිත සතියකි. සිතුවිලි සුබදායකය. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු වැඩි දියුණු වෙයි. ගෘහ ජීවිතයේ සතුට ඇතිවෙන නමුත් අනවශ්‍ය කරදර ද තමා පිට පැවරෙන්නට පුළුවන. ඉවසීමෙන් කටයුතු කරන්න. අනවශ්‍ය වියදම් සහ නිෂ්ඵල ගමන් ඇති වේ. පාදවල වේදනා, සෙම් රෝග, ස්නායු ආබාධ පවතී. අපල අවම කර ගැනීමට භාවනාවක යෙදෙන්න.

අය 7, වැය 6, සුබ අංක 6, 8 සහ 9 සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා සහ සෙනසුරාදා

කුම්භ - ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. පුණ්‍ය සිතුවිලිවලින් ආරම්භ වෙන සතිය තුළ ආදායම් සහ ලැබීම් ඇත. ස්ත්‍රී පක්ෂයේ කෙනෙක් වෙනුවෙන් කැපකිරීම් කිරීමට සහ මිල මුදල් වියපැහැදම් කිරීමට සිදු විය හැකිය. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. ගමන් බිමන් ද වැඩිවේ. ගෘහ ජීවිතය අවිවේකී වේ. අපල අවම කර ගැනීමට පුණ්‍ය කටයුතුවල යෙදෙන්න.

අය 5, වැය 8, සුබ අංක 3, 8 සහ 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා සහ සෙනසුරාදා

මීන - අතමිට සරු වෙයි

 සඳු ගමන් කරන්නේ 8, 9, 10 සහ 11 වැන්න මතිනි. ආරම්භයේදී දුක්ඛදායක ආරංචි ලැබිය හැකි වුවත් ඉන්පසු සුබ අතට හැරෙයි. පුණ්‍ය කටයුතුවලට සහභාගි වීමට සිදු වෙයි. රැකී රක්ෂා සහ ව්‍යාපාරවලින් ආදායම් හිමි වන අතර පවුලේ සමගිය, සමාදානය රැකේ. දූ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් ඇතිවෙයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. අජීර්ණ රෝග, කලවා ආදියේ අපහසුතා පැන නඟී. අපල අවම කර ගැනීමට ස්වාමීන් වහන්සේලාට බෙලිමල්, රණවරා, ගිලන්පස පූජා කරන්න.

අය 5, වැය 3, සුබ අංක 3 සහ 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා සහ අඟහරුවාදා

Comments