MN සමූහ ව්‍යාපාරය ශ්‍රමාභිමානී සම්මාන දිනයි | Page 2 | සිළුමිණ

MN සමූහ ව්‍යාපාරය ශ්‍රමාභිමානී සම්මාන දිනයි

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන MN සමූහ ව්‍යාපාරය ශ්‍රමාභිමානී සම්මාන උලෙළේදී වසරේ විශිෂ්ටම සහ ජනප්‍රියම සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රමාභිමානී ජාතික සංවිධානය විසින් සංවිධානය කරන ලද ශ්‍රමාභිමානී සම්මාන උලෙළේ දී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී MNසමූහ ව්‍යාපාරයේ සාමාන්‍ය­ාධිකාරිනී පියුමි වෙදගෙදර Top 10 Goal Award සම්මානය සහ සම්බන්ධීකරණ නිලධාරිනී හිරුණි උත්පලා නිර්මාණ අභිනන්දන සම්මානය දිනා ගත්හ. 2006දී සුළු පරිමාණයෙන් ඇරැඹූ MN සමාගම අඛණ්ඩ වර්ධනයක් ලබමින් වසර 17 පුරාම සිය ප්‍රධාන කාර්යාලය නාවල ප්‍රදේශයේ පවත්වා ගෙන යයි.

Comments