‘එක්සෙල් වර්ල්ඩ්’ ‘ස්නෝ වර්ල්ඩ්’ යළිත් | සිළුමිණ

‘එක්සෙල් වර්ල්ඩ්’ ‘ස්නෝ වර්ල්ඩ්’ යළිත්

හිමකැට විසිරුණු, සීතලෙන් ඇලළුණු, විනෝද රසාස්වාදය මධ්‍යයේ එක්සෙල් වර්ල්ඩ් සිය අතිශය ජනප්‍රිය හිම ලෝකය, ‘ස්නෝ වර්ල්ඩ්’ වසර තුනක විරාමයකින් අනතුරුව පසුගියදා යලි ආරම්භ කරන ලදී. දෙසැම්බර් 12 වැනිදා එක්සෙල් වර්ල්ඩ් හි පැවති මාධ්‍ය සඳහා සුවිශේෂී වූ ආරම්භ කිරීමේ උත්සවයේදී අයිස් කැටවලින් පිරුණු මෙම හිම අවකාශය ජනතාව වෙත විවෘත කෙරුණේ උත්තර ධ්‍රැවයේ නත්තල් සීයාගේ සංචාර සිහිපත් කරවන අත්දැකීමක් ලබාදීම උදෙසා සැකසූ නවාංග රැසක් සමඟිනි.

Comments