හමීඩියා වෙතින් ඉන්දිරා පිළිකා භාර පදනමට පරිත්‍යාග | Page 2 | සිළුමිණ

හමීඩියා වෙතින් ඉන්දිරා පිළිකා භාර පදනමට පරිත්‍යාග

හමීඩියා ආයතනය, ඉන්දිරා පිළිකා භාරය සමගින් පසුගිය වසර කිහිපය පුරාවට පවත්වාගෙන ගිය සහයෝගීතාවය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යමින්, ඉන්දිරා පිළිකා භාර පදනම වෙත පසුගියදා සංවිධානය කරන ලද උත්සවයකදී රුපියල් මිලියනයක පරිත්‍යාගයක් සිදු කරන ලදි. මෙම පරිත්‍යාගය හමීඩියා හි ‘Pink Collection’ ඇඟලුම් නිර්මාණ එකතුවේ නවතම විකුණුම් ආදායම වූ අතර ‘Pink Collection’ ඇඟලුම් නිර්මාණ එකතුව හමීඩියා ආයතනය විසින් ඉන්දිරා පිළිකා භාර පදනමේ ‘On Wednesdays we wear pink’ ව්‍යාපෘතියට සහාය දැක්වීම සඳහා විශේෂෙයන් නිර්මාණය කර අලෙවි කරන ලද කාන්තාවන් සහ පිරිමින් සඳහා වූ විශේෂ රෝස වර්ණයේ ඇඟලුම් නිර්මාණ එකතුවකි. මෙය හමීඩියා සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාර ඒකකය වන My Friend පදනමේ සමාජ වගකීම් පොරොන්දුව යටතේ සිදු කරන ලද මුලපිරීමකි.

Comments