
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි සේවාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව නාවික හමුදාව මෙම වැටලීම සිදු කර තිබුණි.
දිවයිනට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ දී මෙම ඒකාබද්ධ මෙහෙයුම සිදු කෙරුණි. එහිදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික තොගයක් ඒ අතර වන බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාවේ සමුදුර නෞකාව දකුණු මුහුදේ දින ගණනාවක් සිදු කළ මෙහෙයුමකට අනුව මෙම මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් අත්ඩංගුවට ගැනිමට හැකිව තිබේ. ඒ දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.