A 19 මාර්ගයේ කොටසක් පොල්ගහවෙලින් වැසෙයි | Page 3 | සිළුමිණ

A 19 මාර්ගයේ කොටසක් පොල්ගහවෙලින් වැසෙයි

පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල පිහිටි පොල්ගහවෙල -කෑගල්ල A 19 මාර්ගය දෙසැම්බර් මස 15 සිට දෙසැම්බර් 18 දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
 
ඒ මෙම මාර්ගය හරහා වැටී ඇති දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියාවක් හේතුවෙනි
 
මේ අනුව දෙසැම්බර් 15 පෙරවරු 07 සිට දෙසැම්බර් 18 පස්වරු 6.30 දක්වා මෙම මාර්ගයේ වාහන ගමනාගමන පූර්ණ වශයෙන් අත්හිටුවා තිබෙයි.
 
මෙම කාලය තුළ ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දුම්රිය දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Comments