
ඉතාලියේ රෝමයේ මහල් නිවාස සංකීර්ණයක සිදුවු වෙඩිතැබීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම වෙඩිවැදීමෙන් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
මියගිය කාන්තාවන් තිදෙනාගෙන් එක් අයෙකු ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිගේ සමීපතමයෙකු වන බව සදහන් වේ.
අදාළ නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගැනීම සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.
වෙඩිතැබීම සිදුකළ 57 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.