
කොළඹ 2, යූනියන් පෙදෙසේ පිහිටි ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි ස්මාර්ට් නිවාස සංකීර්ණය වන TRI-ZEN, ව්‍යාපෘති ඉදිකිරීම් දැනට අවසන් අදියරේ පවතී. TRI-ZEN 74% විකුණා ඇති අතර කුලුනු තුනේම ව්‍යුහාත්මක වැඩ අවසන් වී තිබේ.
ව්‍යාපෘතියේ අවසන් අදියරේ ඉදිකිරීම් ආරම්භ වන විට සීමාසහිත ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම සහ ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් අතර හවුල් ව්‍යාපාරයේ මෙන්ම TRI-ZEN හි කොන්ත්‍රාත්කරු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන - සීමාසහිත චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් කෝපරේෂන් 2023 අවසානයට නියමිත පරිදි ව්‍යාපෘතිය නිම කිරීම සඳහා එක්ව කටයුතු කරයි.