My Dentist සමාගමෙන් සම්මන්ත්‍රණ මාලාවක් | සිළුමිණ

My Dentist සමාගමෙන් සම්මන්ත්‍රණ මාලාවක්

 නවීන සහ මිත්‍රශීලි පරිසරයක් තුළ උසස් ප්‍රමිතියෙන් යුත් දන්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණ පෙරදැරි කරගත් My Dentist පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සහ උපදේශන මණ්ඩල සාමාජික, මහාචාර්ය ජෝර්ජ් ඩයස් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නියැළුණි. 2022 ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 7 දක්වා සති දෙකක එම කාලය තුළ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීමට ද My Dentist සමාගම පියවර ගෙන තිබුණි.

එම සම්මන්ත්‍රණ මාලාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ අධ්‍යයන කාර්යමණ්ඩලය, සිසුන් සහ තාක්ෂණික කාර්යමණ්ඩලය වෙනුවෙන් පැවැත්වූ අධ්‍යයන සැසි අයත් විය.

තව ද, මුඛ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨය අතර පර්යේෂණ සහයෝගීතාවක් ඇතිකිරීම, My Dentist දන්ත සායන නිරීක්ෂණ චාරිකාව, My Dentist හිදී ලබා දෙන සායනික සහ සත්කාර සේවා තහවුරු කරගැනීමට පවත්වන ලද සායනික තත්ත්ව පරීක්ෂණ වැඩසටහන, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ පර්යේෂකයන් මුණගැසීම සහ දෙස් විදෙස් කර්මාන්ත සහකරුවන් සමඟ සහයෝගී සහ නවෝත්පාදන පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම මෙන්ම My Dentist හි සේවය කරන දන්ත වෛද්‍යවරු මුණගැසීම ආදිය ද ඒ අතර විය.

Comments