Azend Technologies විසින් Careers360 දියත් ක‍රයි | සිළුමිණ

Azend Technologies විසින් Careers360 දියත් ක‍රයි

නව වෘත්තීන් සහ නව රැකියා අපේක්ෂකයින් සොයා ගැනීම සඳහා රැකියා අපේක්ෂකයින් සහ සේවායෝජකයන් එකිනෙකා හා සම්බන්ධ කරන, ශ්‍රී ලංකාවේ නවතම රැකියා ගවේෂණය කිරීමේ වෙබ් අඩවිය වන Careers360 හඳුන්වා දෙනු ලැබීය. අන්තර්ජාතික මට්ටමේ පරිශීලක අත්දැකීමක් ලබා දෙමින් භාවිතයට ඉතා පහසු, සරල, නව්‍ය සහ විනිවිද භාවයෙන් යුත් Careers360 වෙබ් අඩවිය Azend Technologies (Pvt) Ltd හි අද්විතීය හඳුන්වා දීමකි.

නව විශේෂාංග රැසක් ගෙනෙන Careers360.lk වෙතින් නැවුම් මුහුණුවරකින් ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික රැකියා වෙළඳපොළ වර්ණ ගන්වයි. විශාල පරිමාණයේ රැකියා බඳවා ගැනීම් ඵලදායී පිරිවැයක් සහිතව සිදු කිරීමට අපේක්ෂා කරන හෝ තනි පුද්ගල රැකියා දැන්වීම්කරුවන්ට සහ සමාගම් වෙත එකිනෙකාට සරිලන පැකේජ කිහිපයක්ම මෙහි අඩංගු වේ.

Comments